ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ යන්නේ කොහොමද?

01.ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කළ යුතු දෑ කවරේද?

  • ආරම්භ කිරීමට බලපොරොත්තු වන ව්‍යාපාරය පිළිබද අවබෝධයක් ලබා ගැනීම.
  • අදාළ ව්‍යාපාරයට බලපාන වෙළදපොල තත්ත්වය පිලිබද අවබෝධයක් ලබා ගැනීම.එනම් ප්‍රමානවත් වෙළදපොලක් අඛණ්ඩව ලබා ගත හැකිද යන්න තීරණය කීරීම.
  • ව්‍යාපාරයට බලපාන නීතිරීති සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීම.
  • ආරම්භක ප්‍රාග්ධන අවශ්‍යතාව පිරික්සීම හා ඊට අරමුදල් සම්පාදනය.
  • ව්‍යාපාර සැලසුමක් සකස් කිරීම [එනම් ඉදිරීයේදි කිරීමට බලපොරොත්තු වන ව්‍යාපාර කටයුතු පිළිබද ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය අනෙකුත් සාධක පිළිබද සොයා බැලීම.

02.තනි පුද්ගල  ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදි ගිණුම්කරණය නැතහොත් ගණන් තැබීම සිදු කළ යුතුද?

  • එය නීතීමය වශයෙන් අනිවාර්යය නොවේ.නමුත් තම ව්‍යාපාරයේ යථා ස්වරූපය දැනගැනීමට සිදු කළ ව්යදම් පාලනයට ආයතනය මූල්‍ය සම්බන්ධ තීරණ ගැනීමට පොත් ගිණුම් තැබීම ඉතා වැදගත් වේ.

03. තනි පුද්ගල ව්‍යාපාරයක් යනු කුමක්ද?

  • හිමිකාරිත්වය තනි පුද්ගලයෙකු සතුවන ව්‍යාපාර කේවල ස්වාමි හෙවත් තනි පුද්ගල ව්‍යාපාර වේ.

04. කේවල ස්වාමි ව්‍යපාරවල දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවාද?

  • කළමණාකරණ තීරණ ගනු ලබන්නේ අයිතිකරු විසින්ම වීම.
  • අයිතිකරුගේ අසීමිත වගකීම.එනම් බාහිර ණය පියවීමේදි තම පෞද්ගලික දේපළ පවා කැපකර අදාළ වගකීම් ගෙවිය යුතු වීම.
  • ව්‍යාපාරය නීතීය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස නොසැලකීම.එනම් ව්‍යාපාරය සම්බන්ධ නීතීමය තත්ත්වයකදි ව්‍යපාරය නමින් නොව තම පුද්ගලික නමින් පෙනී සිටීමට සිදු වීම.
  • ලියාපදිංචිය අනිවාර්යය නොවීම.
  • ලාභ හෝ අලාභ තනිව භුක්ති විදීමට හැකිවීම.
  • ව්‍යාපාරික අවධානමට තනිව මුහුණ දීම.
  • අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම.එනම් අයිතිකරුගේ මරණින් පසු ව්‍යාපාරය අවසන් වීම.
  • ගිණුම් තැබීම අනිවාර්යය නොවීම.
  • ව්‍යාපාරය නමින් බදු ගෙවීමක් සිදු නොවන අතර ව්‍යාපාරයේ ආදායම මත අයිතිකරුගේ නමින් බදු ගෙවිය යුතු වීම.

05. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුත්තේ කවර අවස්ථාවකදී ද?

  • අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වගෙන යන්නේ නම් 1918 අංක 6 දරණ ව්‍යාපාර ආඥා පනත යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය.

 

සැකසුම: විරාජ් හේනේගෙදර
(B.B Mgt(HRM) Sp,ACA,CTA,MAAT)

Related Articles