රට වහල තියෙන මේ වෙලාවේ ඔබේ Business එකේ ඔබට මඟහැරුනු මේ දේවල් කරන්න

මේ තමයි වෙලාව..කොරෝනා වසන්ගතය නිසා රට වහලා...සමහරවිට වහල තියන කාලය තව දික්වෙයි..ඉතින් එතකල් බලන් ඉන්නද කල්පනාව.. කල්පනා කරලා බලන්න.ව්‍යාපාරය දවස් දෙක තුන වහන්න බැරිනිසා පාරිභෝගිකයන් එන නිසා අවහිර වන නිසා කලයුතු ඒත් කරන්නට නොහැකි වුනු වැඩ කීයක් ඇද්ද...මේ ඒ සදහා වෙලාවයි..


1.තොග ගනනයක් යොදා ගන්න.(දවස් ගානක් තියන නිසා එක්කනෙක් දෙන්නෙක් හිටියාම ඇති..වෙලදාම නැති නිසා තොග වෙනස් වෙන්නෙත් නෑ)

2.බඩු ටික පිලිවෙලට අස් කරගන්න..(රාක්ක සුද්ද කරලා බඩු ටික ලස්සනට අස් කරගන්න)

3.කල් ඉකුත් වූ බඩු එකතු කරලා ලයිස්තු කරලා අදාල ආයතනය වලට යවන්න සූදානම් කරගන්න.

4.කැඩුනු විදුලි උපකරන සාදාගන්න.

5.වාහන නවත්වන ස්ථාන වල කැඩුනු බෝක්කු ,කැඩුනු වැහිපිහිලි සාදාගන්න.

6.සත්ව හානි ඇත්නම් පිලියම් යොදන්නත් මේ දවස් හොදයි.

7.එකම නිශ්පාදන විවිධ මිල ගනන් වලට ඇති වෙන්කරගන්න.

8.ණයට විකුනපු බිල් ඇති ඒවා එකතුව අයේ බලලා ලයිස්තුවක් ගත්තොත් පහසුවක් වෙයි.

9.බඩු ගත්තු ඉන්වොයිස් එකින් එක පරීක්ෂා කරන්න.(පොරොන්දු උනු වට්ටම් එහෙම ලැබිලද කියලා )

10.මේ දින වල දින යොදලා දීපු චෙක් පත් වලට ගෙවීම් කරන්න සැලැස්මක් සකස් කරගන්න.(රට විවෘත කලාම සේරම එක වර ආවොත් අමාරුවෙ වැටෙන්නේ ඔබ.)

11.කාර්‍යබහුල කම නිසා අපිරිසිදු වෙලානම් ආගම සිහිකරන තැන පිරිසිදු කරගන්න.

12.විදුලි බිල්,දුරකථන බිල් තැන තැන දාලා නම් ෆයිල් කරන්න.

13.ගිනුම් වාර්තා බාරදෙන කාලෙත් ලන් වෙන නිසා ඒ විස්තරත් මේ වෙලාවෙ සකස් කරහන්න.

14.පසුගිය බදු ගිනුම් වාර්තා එකින් එක කියවන්න.අඩුපාඩු වේනම් විගනක වරයා සමග සාකච්ඡා කරන්න.

මීට වඩා ගොඩක් දේ ඇති.බාධාවන් අවස්ථවන් කරගෙන වියාපාරිකයන් උනු ඔබට මේ නිරෝදායන ඇදිරි නීති අවස්ථාත් ඔබේ දියුණුවට යොදාගන්න.

Related Articles