ව්‍යාපාරයක්  ආරම්භ කරමුද?

01.මා ව්‍යාපාරයක්  ආරම්භ  කිරීමට කැමතිය.මා ව්‍යාපාරයක හිමිකරුවෙකු වීමේ ප්‍රතිලාභ කවරේද?  

  • ව්‍යාපාරයේ සියලු ලාභ ඔබට හිමිවීම.
  • ව්‍යාපාරයේ පාලන කටයුතු ඔබටම කළ හැකි වීම.   
  • අන් අයගේ පාලනයෙන් මිදී තමාට රිසි ලෙස ව්‍යාපාරය කරගෙන යා හැකි වීම. 
  • අන් අයට රැකියා අවස්ථා ලබා දිය හැකි වීම      
  • ව්‍යාපාරයේ ලාභයෙන් සමාජ වගකීම් ඉටුකළ හැකිවීම       
  • රටේ ජාතික නිෂ්පාදනයට ඍජු දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු වීම      
  • රැකියා අවස්ථා බිහිකිරිම නිසා මානසික තෘප්තිය ඉහල යාම    
  •   සමාජය පිළිගන්නා සමාජ වගකීම් ඉටු කරන්නෙකු වීම   
  •   ව්‍යාපාරය වැඩි දියුණුවත්ම බදු ගෙවන්නෙකු වීම තුලින් රටේ අභිවෘර්ධියට ඍජු දායකත්වයක් ලබා දිය හැකිවීම  
  •    රටේ යහපත් පුරවැසියෙකු ලෙස රටට සේවයක් ඉටුකළ අයෙකු වීම 

 02. මා මුලින්ම කුමන ආකාරයේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුද?  

ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙදි වඩාත් උචිත වන්නේ කුඩාවට ව්‍යාපාරය ඇරඹීමය.  ඊට සුදුසු වන්නේ තනි පුද්ගල ව්‍යාපාරයි. ඊට හේතුව තනි පුද්ගල ව්‍යාපාර ඇරඹීම හා පවත්වාගෙන යාමේදී පවතින නීති තත්ත්වය අඩුවීමයි. නමුත් ව්‍යාපාරය වැඩි දියුණුවත්ම හවුල් ව්‍යාපාර සීමාසහිත සමාගම් ආදියට ප්‍රවිශ්ට විය හැකිය.

03.තනි පුද්ගල ව්‍යාපාරයක් ඇරඹීමට මට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය​ද?
  නැත. අද ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරකයින් බොහොමයක් ව්‍යාපාර අරඹා ඇත්තේ විශාල ප්‍රාග්ධන සහිතව නොවේ.  ඔබට අවශ්‍ය​ වන්නේ ව්‍යාපාරය ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම පමණි. ඔබට තමන් කිරීමට යන ව්‍යාපාරය පිළිබද හොඳ අවබෝධයක් ඇත් ද ඉදිරිය දකීද යන අවධානම ගැනීමට සුදානම්ද ඔබට ව්‍යාපාරය ඇරඹිය හැක.

 04.මා හට සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය​ සාධක මොනවාද?
  ඔබට පහත ගුණාංග සහිත නම් සාර්ථක ව්‍යාපාරිකයෙකු විය හැක.

  • ආත්ම විශ්වාසය
  • තමන් කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය පිළිබද හොඳ අවබෝධය
  • මනා දැක්ම (ඉදිරිය පිලිබඳ )
  • ව්‍යාපාරික අවධානමකට (අලාභ වුවද ) මුහුණ දීමට ඇති හැකියාව
  • තමාට ව්‍යාපාරය කිරීමට අවශ්‍ය මූලික දෑ සපුරා ගැනීමේ හැකියාව
  • වෙළඳපොල පිළිබඳ අවබෝධය
  • ඉතිරි කිරීමේ පුරුද්ද තිබිය යුතුය
  • පරිසරයේ නව ව්‍යාපාරික අවස්ථා අනුව හැඩ ගැසීමට හැකිද යන්න
  • මනා සැලැස්මක් තිබේද යන්න
  • මනා සංයමයක්  තිබේද යන්න

05.ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මට වුවමනාවක් ඇතත් ඊට යම්  බියක් පවතියි. මෙය මඟ හරවා ගන්නේ කේසේද?

  • තම ආත්ම විශ්වාසය ගොඩනැගීම තුලින්
  • ව්‍යාපාර පිළිබඳ උපදේශනය කරන පුද්ගලයෙකු හමුවීම
  • සාර්ථක වූ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කිරීම
  • ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික චරිත පිළිබඳ කියවීම
  • මනා සැලසුමක් සකස් කර ගැනීම

 

සැකසුම: විරාජ් හේනේගෙදර
(B.B Mgt(HRM) Sp,ACA,CTA,MAAT)

Related Articles