ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් මේ කරුණු 12 පිලිබදව ඔබ සැලකිලිමත් ද? එසේනම් ව්‍යාපාරයට ඇත ගහන්න බය වෙන්න ඕනි නෑ.
1.කරන්න යන ව්‍යාපාරය හදුනාගන්න.
මෙයින් අදහස් වෙන්නේ ඔබ කරන්න යන ව්‍යාපාරය මොකක්ද? එහි අදහස ඔබට වැටහෙන ආකාරයට කොලයක ලියන්න.
අවබෝධයක්2.ව්‍යාපාරය සපයන භාණ්ඩ හා සේවා සැලසුම් කරන්න.
ඔබේ ව්‍යාපාරය මගින් ඔබ පාරිභෝගිකයන්ට සපයන්න බලාපොරොත්තු වෙන සේවාව හෝ භාණ්ඩය කුමක්ද යන වග හදුනාගන්න. උදාරණයක් ගත්තොත් ඔබ සැලුන් එකක් කරනවානම් කොන්ඩ කැපීම, මසාජ් කිරීම වැනි සේවාවන් සැපයීම පිලිබදව එහෙමත් නැත්තම් ඔබ තොග හා සිල්ලර වෙළදාමක්පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවනම් එහිදී ඔබ පාරිභෝගිකයාට සැපයීමට අපේක්ෂා කරන භාණ්ඩ මොනවාද යන්න ඔබ හොදින් දැනුවත්ව සිටිය යුතුයි. මේ පිළිබදවද ඔබ කලින් භාවිතා කල කොලහිම සටහනක් තැබීම මගින් ඔබට ඔබේ ව්‍යාපාරය ගැන නිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්.
3.අදාල ක්ෂේත්රය ගැන ඉගෙනගන්න.
මෙහිදී අදහස් වන්නේ ඔබ ව්‍යාපාරය කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්රය ගැන ඔබට අති අවබෝධය පුළුල් කර ගැනීම. එය පිලිබදව ස්වයං අධ්‍යනයක නිරතවීම මගින් ඔබට ඒ පිළිබද දැනුම පුළුල් කරගන්න පුළුවන්. බතික් කර්මාන්තය පිළිබද ව්‍යාපාර කරන ඔබට ඒ පිළිබද අධ්‍යනයක යෙදෙන්න පුළුවන්. සිල්ලර වෙළදාම ඔබේ ව්‍යාපාරය නම් එක් එක් භාණ්ඩ වල මිල උච්චාවචනයන්, ඉල්ලුම සහ සැපයුම පිලිබදව පුළුල් විශ්ලේෂණයක යෙදෙන්න පුළුවන්.
4.ව්‍යාපාරයට ඇති තරගය පිලිබදව හදුනාගැනීම
මෙහිදී ඔබ ඔබේ ව්‍යාපාරයට ඇති තරගය විශ්ලේෂණය කළ යුතුයි.එහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබට මොනවගේ තරගකරුවන් ඉන්නවාද ඔවුන්ගේ ස්භාවය, එසේත් නැතිනම් ඔබගේ ගනුදෙනුකරුවන්ට මොනවගේ තරගයක් දෙන්න පුලුවන්ද, ආදේශක භාණ්ඩ තිබේද යන වග. උදාරණයක් ලෙස සැලුන් එකක් ගත්තොත් එයට භාණ්ඩ සපයන්නන් ප්‍රමාණය ඉතා අඩුයි. එවිට ඔබට අවශ්‍ය භාණ්ඩ සපයාගන්නේ කෙසේද යන්න පිලිබදව සැලැස්මක් තිබිය යුතුයි. ඒ වගේම ඔබ සිටින්නේ ගනුදෙනුකරුවන් අඩු පළාතකන්ම් ඔබේ විකුණුම් අඩු විය හැකියි. එවිට ඔබේ විකුණුම් වැඩි කරගන්න අකාරය ගැන අවබෝධයක් ඔබට තිබිය යුතුයි. මේ නිසා තරගකාරී පරිසරය ගැන විශ්ලේෂණය ඉතා වැදගත්.
5.ශදු අත විශ්ලේෂණය කිරීම.
ඔබේ ව්‍යාපාර පරිසරයේ ඇති ශක්තීන්, දුර්වලතා, අවස්ථා, තර්ජන මොනවාද යන්න විශ්ලේෂණය කිරීම මෙහිදී අදහස් කෙරේ. ඔබේ ව්‍යාපාරයට විශාල ප්‍රාග්ධනයක් තියනවනම්, ඔබට දැනුම තියෙනවනම් එය ඔබේ ව්‍යාපාරයට ශක්තියක් ලෙස හදුනාගන්න පුළුවන්. ඔබට ඔබේ ව්‍යාපාර ක්ෂේත්රය ගැන තියන දැනුම සුළු ප්‍රමාණයක් නම් එය ඔබේ ව්‍යාපාරයේ දුර්වලතාවයක්. මෙහිදී ඔබට අවස්ථා ලෙස හදුනාගන්න පුළුවන් රටෙහි විවිධ තත්ත්වයන් නිසා පැනනගින අවස්ථා, සමාජයේ තිබෙන ප්‍රශ්න නැතිනම් අවස්ථවන්. උදාරණයක් ලෙස පාස්කු ප්‍රහාරය නිසා බොහෝ ව්‍යාපාරිකයන්ට විවධ ව්‍යාපාර අවස්ථා බිහි උනා.( ට්රාන්ස්පරෙන්ට් බෑග් ) ඒ වගේම බාහිර පරිසරයෙන් සිදුවන තර්ජන පිළිබදවද සැලකිලිමත් වීම වැදගත්. උදාරණයක් ලෙස covid 19 වෛරසය නිසා බොහෝ ව්‍යාපාර පැන නැගී අති අර්බුධ.
6.අලෙවිකරණය සැලසුම් කිරීම
මෙයින් අදහස් කරන්නේ ඔබට ව්‍යාපාරය ආරම්භයට පෙරම ඔබ ඔබේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට අලෙවිකරන්නේ කොහොමද යන්න සැලැස්මක් තිබිය යුතුයි. එසේත් නැතිනම් භාණ්ඩ වල මිල ගණන්, වෙළදපොල ආක්‍රමණය කරගන්නේ කොහොමද යන අලෙවිකරණ සැලසුම් ඔබට තිබිය යුතුයි. හිතුමනාපෙට ව්‍යාපාර පටන්ගෙන එහි භාණ්ඩ හා සේවා විකිණීම පිළිබද ඔබට අවබෝධයක් නැතිනම් ඔබට එය සාර්ථක කරගන්න එක පහසු කාර්යයක් වෙන්නේ නෑ. ඒ නිසා අලෙවිකරණ සැලැස්මක් තිබීම ඉතා වැදගත් වෙනවා.
7.මෙහෙයුම් සැලැස්ම පිළියෙළ කරගන්න
මෙහෙයුම් යනුවෙන් අදහස් කලේ ව්‍යාපාරය කරන්නේ කොහොමද, භාණ්ඩ ගන්නේ කොහොමද, ව්‍යාපාරය කරගෙන යන ස්ථානය කුමක්ද , යන හැමදේම සැලසුම් කරනන ඕනි. එසේත් නැතිනම් ව්‍යාපාරයේ වෙන සම්පූර්ණ ක්‍රියාවලිය සැලසුම් කරන්න. උදාරණයක් ලෙස ඔබ online business එකක් කරන්න අදහස් කරනවනම් එහි මෙහෙයුම් වලට අදාළ පරිගණක, අන්තර්ජාල පහසුකම, වැනි දේ. සැලෝන් එකක නම් පාරිභෝගිකයන්ට එයට පැමිණි තැන සිට ඔව්න්ට සපයන පහසුකම් පිලිබදව සිතන්න අවශ්‍යයි.
8.සේවකයින් යොදාගන්නා ආකාරය හා සැලසුම් කරන්න
මානව සම්පත හදුන්වන්නේ ව්‍යාපාරයක වැදගත්ම සාධකය ලෙසයි. ව්‍යාපාරයක විකුණුම් , ලාභය වැඩි කරගැනීම තීරණය වන්නේ ඔබගේ මානව සම්පත මතයි. ඉතින් ඔබේ සේවකයන් බදවාගැනීමේ දී මේ පිලිබදව සැලකිලිමත් විය යුතුයි. එහි දී යොදා ගන්නා නීති රීති මොනවාද ඔවුන් දිගින් දිගටම ව්‍යාපාරයේ රදවා ගන්නේ කෙසේද යන කාරණාව ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබ ව්‍යාපාරය පටන් ගෙන සේවකයන් සෙවීමට සිතනවානම් එය නිෂ්ඵල ක්‍රියාවක්. මොකද එවැනි අවස්ථා වල ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන සේවකයන් සෙවීම ඉතා අපහසු කාර්යයක්.
9.අයවැය සැලසුම් කිරීම
ව්‍යාපාරය පටන් ගන්න කලින් එයට අයවැයක් එහෙමත් නැත්තම් බජට් එකක් තිබීම අත්‍යවශ්‍ය යි. ඔබේ ව්‍යාපාරය පටන්ගන්නට කලින් සහ ව්‍යාපාරය පටන් ගැනීමෙන් පසුව වැය වන මුදල, ව්‍යාපාරය ස්ථාපනය කිරීමට යන වියදම දැන සිටීම ඉතා වැදගත්. ඔබේ ඉදිරි මස 12 ට වියදම සැලසුම් කරගන්න. එවිට ඔබට ඔබේ ව්‍යාපාරයේ වියදම වගේම එය සපුරා ගැනීමට අවශ්‍ය අදායම ගැනත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
10.මුල්‍ය සැලැස්ම සකස් කිරීම
මෙය Break even point ලෙස හදුන්වන අතර එයින් අදහස් කරන්නේ ව්‍යාපාරයේ වියදම් ආවරණය කරගන්නවත් අදායමක් ඔබට තිබිය යුතුයි යන්නයි. එසේ ආදයමක්වත් ඔබට නැතිනම් ව්‍යාපාරය පවත්වාගෙන යාම නිෂ්ඵල ක්‍රියාවක්. ඒ නිසා ඔබ ඔබේ මුල්‍ය සැලස්මෙදී ඔබේ ව්‍යාපාරයේ ඉදිරි කාලයේ වියදම කෙසේද ඒ වියදම ආවරණය කරගන්නවත් ඔබ මුදල් සම්පාදනය කරන්නේ කොහොමද කියන සැලැස්ම ඔබට තිබිය යුතුයි.
11.විකල්ප ගැන අවබෝධයෙන් සිටින්න.
බොහෝ ව්‍යාපාරිකයන් මේ පිලිබදව සැලකිලිමත් නැහැ. විකල්පයන් කියන්නේ ඔබ කරගෙනයන ක්‍රමවේදයන් එසේත් නැතිනම් ඔබේ ව්‍යාපාරය අසාර්ථක වුවහොත් ඔබ කරන්නේ කුමක්ද කියල ඔබට අවබෝදයක් තියෙන්න ඕන. මේ පිලිබදව ඔබට අවබෝදයක් තියනවනම් ඔබේ ව්‍යාපාරය කිසිම අවස්ථාවක මග නතර නොකර අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. උදාරණයක් ලෙස ඔබ එක් භාණ්ඩයක් මුලදී වෙළදපොලට යොමු කර එය අසාර්ථක වුවහොත් ඔබ කරන්නේ මොකක්ද යන්න පිලිබදව ඔබ සිත තිබිය යුතුයි.
12.ඉදිරි ඉලක්ක සැලසුම් කරගන්න
ඔබේ ඉදිරි ඉලක්ක අදම සැලසුම් කරගන්න. එය අවුරුද්දෙන් අවුරුද්දට වගේම තව අවුරුදු 10කින් ඔබේ ව්‍යාපාරය ගමන් කරන්න ඕනි ස්ථානය සැලසුම කරලා තබා ගන්න. ඔබට යන්න අවශ්‍ය ස්ථානය ඔබ දන්නවනම් එයට ළගා විය යුතු මාර්ග සොයා ගැනීම අපහසු කාර්යයක් නොවේ. නමුත් ඔබ ඔබේ ගමනාන්තය පිලිබදව නොදනී නම් එයට ළගා වීම නිෂ්ඵල කාර්යයක් වේ.
සැකසුම: B.M.C.M බස්නායක මිය
(B.Sc Accountancy & Finance (Sp),Rajarata university of Sri Lanka(RUSL)