ජපන් ජබර ලෝකයට බිහි වෙන්න දෙවෙනි ලෝක යුද්ධ සමයේ ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කරද්දී එයින් බේරීම සඳහා ලද උපක්‍රමයක් ලෙසයි. මිත්‍ර රටක් වන ශ්‍රී ලංකාවටත් මේ ආකාරයට ජපන් ජබර පැමිණෙනවා.
වර්තමානය වන විට බොහෝ වැව් ගනණක් ආක්‍රමණය කරන මේ ජපන් ජබර ආදායම් මාර්ගයක් කර ගත් දිරිය කාන්තාවක් business advisor youtube නාලිකාව සමග සිදු කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.
ගල්ගමුව ඇහැටුවැව ගල්කඩවල කියන්නේ ගොවිතැන් මුල්කරගත් ග්‍රාමයක්. බොහෝ දුෂ්කරතා මැද ගොවිතැන් කරන මිනිස්සු අතරේ එක් කාන්තාවක් ව්‍යවසායකත්වය ඔස්සේ බොහෝ දෙනෙකුට ගැටළුවක්ව තිබූ ජපන් ජබර වලට පිළියමක් සොයාගන්නේ ගන්නේ ගම්වැසියන්ට රැකියා අවස්ථා හත අටක් ලබාදෙමිනි.
නමින් නිලුකා ජයන්ති වන ඇය ගල්ගමුව ඇහැටුවැව ගල්කඩවල ප්‍රදේශයේ දිවි ගෙවයි. ඇහැටුවැව ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය මගින් සංවිධානය කල ස්වයංරැකියා වැඩසටහනක් මගින් පන්නරය ලද ඇය ජපන් ජබර යොදාගෙන අලුත් වැඩක් පටන් ගත්තා.ඇහැටුවැව ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සංවර්ධන නිලධරිනී පේෂලා සුභාෂිනි මහත්මියගේ මග පෙන්වීම යටතේ ඇය නව ව්‍යාපාර සංකල්පයක් ආරම්භ කළා.ජපන් ජබර දඬු යොදා ගෙන සිදු කරගෙන යන මෙම ව්‍යාපාර රජය දරණ වියදම මෙන් පස් ගුණයක ආදායමක් ලබමින් පවත්වාගෙන යාමට ඇයට අවස්ථාව ලැබුණි.
රෙදි බෑග් නිෂ්පාදනය සිදු කළ ඈ එය අත්හැර පරිසර හිතකාමි බෑග් නිෂ්පාදනය කරන්නේ ජපන් ජබර වල දණ්ඩ උපයෝගී කරගෙනය.ග්‍රාමීය වශයෙන් කාර්යාලවල සේවයේ නිරත බොහෝ දෙනා අතර මේ ජපන් ජබර නිෂ්පාදනය ප්‍රචලිතයි.
වර්තමානයේ වන විට පරිසරය බොහෝ ව්‍යසනයන්ට ලක්ව තිබෙනවා. ඉතින් මේ ව්‍යසනයට පිලියමක් ලෙස ස්භාවිකව යොදා ගන්නා ජපන් ජබර වලින් නිෂ්පාදන රැසක් බිහිකරනවා. ඇගේ නිෂ්පාදන අතර කාන්තාවන් සඳහා බෑග්, මුදල් පසුම්බි, එමෙන්ම තොප්පි ආදිය පවතිනවා. දැඩි රස්නයක් පවතින විට විනෝද චාරිකාවක යෙදෙන ඔබ අනිවාර්යෙන්ම තොප්පියක් භාවිතා කරනවා. ඉතින් ඒ තොප්පියෙනුත් දැඩි රස්න පැමිණෙනවා නම් ඒ පැලළඳීමේ ප්‍රයෝජනයක් තිබෙනවාද? නමුත් මේ ජපන් ජබර වලින් කරන නිෂ්පාදනයෙන් මේ ගැටලුව විසඳාගත හැකියි.
තවද ඔබ ඔබේ වී විවාහය උත්සවය සාම්ප්‍රදායිකව ගැනීම්ට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ පරිසර හිතකාමී විය යුතුමයි. ඒ සඳහා ද මේ ජපන් ජබර වලින් පිළියමක් තිබෙනවා. wedding cake සඳහා ඔබ යොදා ගන්නා පෙට්ටිය ජපන් ජබර වලින් හදපු එකක් නම් එහි ලොකු වටිනාකම්ක් පවතිනවා.
ඇගේ බලාපොරොත්තුව විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමයි. දේශීය වශයෙන් සිදුකරන මෙම නිෂ්පාදනය විදේශීය රටවල් වලට ද අපනයනය කිරීමෙන් අපේ රටට ද ආදයම් මාර්ගයකි. ඔබට ඇගේ මෙම නිෂ්පාදන සඳහා සහය සහයෝගය ලබාදිය හැකිනම් මෙම දුරකථන අංකය අමතන්න 0776-219257. තවද ඔබේ ඕනෑම ඇණවුම් ඇයට සැපයිය හැකියි. ඔබට මේ සඳහා බොහෝ විස්තර ද එම වීඩියෝව නැරඹීමෙන් ලබාගත හැකියි.