පවුම් ගස හොලවන ලංකාවේ තරුණයා

Business Advisor team එකේ අපි ඉතාමත් දක්ෂ ඉතාමත් සුවිශේෂී තරුණයෙකු මුණ ගැහුනා. විරැකියාවෙන් පෙළෙමින් මානසිකව පීඩා විදින තරුණයන් අතරේ එන්ගලන්තයේ විශාල ව්‍යාපාරයකට හිමිකම් කියන ඔහු එන්ගලන්ත වැසියන්ටත් රැකියා ලබා දෙන ශ්‍රී ලාංකික තරුණයෙක්. කිහිප දිනකට ලංකාවට ඇවිත් ඉන්න අතරේ අපිත් එක්ක සම්බන්ධ වුන ඔහු නමින් හර්ෂ රත්නායක.

2004දී ඔහු එන්ගලන්තයට යන්නේ Kingston University එකේ Engineering ශිෂ්‍යයෙක් විදිහට. Final year එකේ Business Applications in Engineering කියන subject එකේදී ලෝකයේ ඉන්න හොදම ව්‍යාපාරයන් ගැන ඉගෙන ගන්න ඔහුටත් එවැනි තත්වයකට පත් වීමට දැඩි ආශාවක් ඇති වෙන අතර Engineering Degree එක complete කළ පසු business ගැන තව දුරටත් ඉගෙන ගන්න හිතලා MBA  එකක් කරනවා. ඒ අතරතුර ඔහු එදිනෙදා වියදම් පියවා ගැනීමට recycling company එකක රියදුරෙක් විදිහටද වැඩ කරනවා.

London rubbish business expands to Birmingham after bin strikesMBA එක අවසන් වෙන කාලය වන විට හර්ෂ වැඩ කරපු ඉන්දියානු ජාතිකයාගේ ව්‍යාපාරය අඩාල වෙලා එම ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි තත්වයකට පත් වෙනවා. එහි අයිතිකරුට හර්ෂගේ අන්තිම මස වැටුප වත් ගෙවා ගැනීමට නොහකි තත්වයක් ඇති වෙන නිසා ඔහුගේ පවුම් 1200ක වැටුප වෙනුවට පවුම් 700ක වාහනයක් හර්ෂට ලබා දෙනවා.

එන්ගලන්තයේදී Masters Degree එකක් කළාම PHW Scheme එකේ අවුරුදු 2ක working visa ලැබෙනවා. එයට business එකක් හෝ job එකක් කරන්න පුලුවන්. ඔහුටත් MBA එක අවසන් වූ පසු එම visa එක ලැබෙන අතර ඔහු එයින් ව්‍යාපාරය ආරම්භ කරනවා. මේ වන විට පරණ වාහනයක්ද මොහු සතුව පවතින අතර "London Junk" නමින් ව්‍යාපාරය register කරනවා.

ඔහුගේ ව්‍යාපාරය සහ ව්‍යාපාරයේ ආරම්භය පිළිබද විස්තර කළේ මේ ආකාරයට "අපි කරන්නේ නිවෙස් වල හරි ව්‍යාපාරික ස්ථාන වලින් හරි ඉවත් කරන දේවල් recycling කිරීම. මුලින්ම material එක අනුව වර්ග කරලා ඉන් පසුව ඒවා recycling වලට යවනවා. ඒ අතර භාවිතයට ගන්න පුලුවන් භාණ්ඩ Charities වලට පරිත්‍යාග කරනවා.

මුලින්ම ව්‍යාපාරය පටන් ගන්නකොට ලොකු මුදලක් අතේ තිබුණේ නෑ. එ වගේම බාධා ගොඩාක් ආවා. සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයක working capital එකක් තියෙන්වා. ඒත් මගේ ව්‍යාපාරයේ working capital එකක් තිබුණේ නෑ. මම bank 3කට ගියා working capital borrow කරන්න. නමුත් මගෙ credit score නෑ කියලා bank 3න්ම reject කළා. මම එතනින් නැවතුනේ නෑ. මම හිතුවා ඊළගට තියෙන option එක මොකක්ද කියලා. මම හිතුවා උදේටයි හවසටයි part time jobs 2ක් කරලා ව්‍යාපාරයට අවශ්‍ය මුදල් හොයාගන්න.

උදේ 5 ඉදන් 7.30 වෙනකන් ගෙවල් වලට පත්තර delivery කළා. උදේ 8 ඉදන් හවස 5 වෙනකන් මගේ ව්‍යාපාරයේ වැඩ කරලා හවස 6 ඉදන් රෑ 12 වෙනකන් ඉන්දියන් restaurant එකක foods delivery කළා. මේ විදිහට අවුරුද්දක් එක දිගට දවසට පැය 19ක් වැඩ කළා. ඕනම කෙනෙක්ට එහෙම දවසට පැය 19ක් වැඩ කරන්න අමාරුයි. ඒත් අපිට short term goal එකක් තියෙන්න ඕන මම මේ අවුරුද්දෙ මෙච්චර වැඩ කරලා මෙතනට එනවා කියලා. අපිට දෙයක් අවශ්‍ය නම් ඒ දේ වෙනුවෙන් වැඩ කරන්න ඕන."Rubbish Removal In West London | Waste Clearance

ව්‍යාපාරයක මුල් කාලයේදී ලැබෙන වැඩ ප්‍රමාණය අඩුයි. ඒත් මොහු වැඩ නෑ කියලා අධෛර්යමත් වෙලා නෑ. පත්තර delivery එකත් සමග leaflets බෙදමින් සහ වාහනේ ගිහින් මිනිසුන් සමග කතා කරමින් පාරිභෝගිකයින් ප්‍රමාණය වැඩි කර ගන්න කටයුතු කළා. ඔහු දරන මතයක් තමා "මුලින්ම පාරිභෝගිකයෙක් ව්‍යාපාරයට ආවාම ඔවුන්ට හොදින් සලකන්න ඕන කියන එක මුදල් වලට වඩා පාරිභෝගිකයින්ට වැදගත් වෙන්නේ අපි ඔවුන්ට සලකන විදිහ.
ව්‍යාපාරයකට ලාභම දේ තමයි ව්‍යාපාරය සමග සම්බන්ධ වෙලා ඉන්න පාරිභෝගිකයින් තව දුරටත් රඳවා තබා ගැනීම. අපි Thank You කියන වචනයම ඇති මිනිස්සු අපිත් එක්ක රඳවා තියා ගන්න. ව්‍යාපාර ලෝකයේ පවතින දැඩි තරගකාරීත්වය සහ marketing වලට විශාල මුදලක් වැය කිරීමට සිදු වන නිසා නව පාරිභෝගිකයින් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම ගොඩාක් අමාරුයි."

අවුරුද්දක් වන විට ව්‍යාපාරයට තවත් වාහනයක් සහ සේවකයන් දෙදෙනෙක් වැඩට ගන්න ඔහුට හැකි වෙන්වා. දැන් ව්‍යාපාරයට අවශ්‍ය මුදල් ව්‍යාපාරයෙන්ම එනවා, ඒ නිසා උදේ පත්තර delivery කරන එක නවත්වනවා.

ව්‍යාපාරයක marketing පිළිබදව ඔහුගේ අදහස "marketing is the key to success. marketing කියන්නේ investment එකක්. ඒ නිසා ව්‍යාපාරයෙන් එන මුදල් අපි හරි විදිහට marketing වලට යොදාගන්න ඕන. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට යොදා ගන්න marketing strategies වෙනස් වෙන්න ඕන. අපි ව්‍යාපාරයක් එක කණුවක් උඩ තියලා තිබුනොත් ඒ කණුව කඩන් වැටුනොත් අපේ ව්‍යාපාරයත් කඩන් වැටෙනවා. ඒ වගේ එකම strategy එකක් මත පවතින්නේ නැතිව විවිධ strategies යොදාගෙන market එක test කරන්න ඕන. google paper click කියන්නේ ගොඩාක් හොද marketing tool එකක් google සමාගම සාර්ථක වුනෙත් ඒ නිසා. එයට අමතරව අපි ගිහින් මිනිස්සු හම්බවෙලා කතා කරන්න ඕන, business networking meetings වලට සම්බන්ධ වෙනවා, direct mails යවනවා. මේ වගේ හොද marketing mix එකක් තියාගෙන වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙන marketing tool එකට priority එක දෙන්න ඕන."

අද වන විට ඔහුගේ ව්‍යාපාරයේ එක් ශ්‍රී ලාංකික සේවකයෙක් ඇතුළුව සේවකයන් 20 දෙනෙක් සේවය කරනවා.

ශිෂ්‍යයන් විදිහට ඉගෙන ගන්න පිටරට යන අයට ඔහු ලබා දෙන පණිවිඩය නම් "තමන් යන අරමුණට මුල් තැන දෙන්න ඕන. සමහර අය පිටරට ගිහින් සල්ලි හම්බ කරන්න ගත්තහම තමන් එහෙට ගිය අරමුණ අමතක වෙනවා. එහෙම වෙලා Degree එක complete කරපු නැති අය ගොඩාක් ඉන්නවා. රැකියවක් හරි වෘත්තයක් හරි කරනකොට ප්‍රධාන දේ තමා තමන් කැමති දේ කරන්න ඕන. අපි කැමති දේ තමා අපේ passion එක වෙන්න ඕන. අපි ඒ passion එක follow කරන්න කරන්න ඕන."

Harsha Rathnayake - CEO - Junk Hunters Ltd. | LinkedIn"ව්‍යාපාරයක හෝ රැකියාවක first motivation එක මුදල් වුණාම ව්‍යාපාරයට මුදල් එන්නැති විට එම ව්‍යාපාරය අතහරිනවා. ඒ නිසා සල්ලි 1st motivation එක කරගන්න එපා. හැමදාම ජීවිතයට සල්ලි වලට එහා ගිය අරමුණක් තියාගන්න. එතකොට ඒ අරමුණට යද්දි අනිවාර්යෙන්ම බාධක එනවා. කිසිම මනුස්සයෙක් හැම දවසකම සාර්ථක වෙලා නැහැ. ඔවුන් fail වුනු වාර අනන්තයි. ඔවුන්ට අත්හරින්න හිතුන වාර අනන්තයි. එයාලට අරමුණක් තිබුණා. ඒ නිසා තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කළා. ඒ වගේම තමා මුදල් ඉස්සරහදි වත් අමාරු කාල වලදි වත් තමන්ගේ qualities වගේම තමන්ගේ standard එක සහ තමන්ගේ reputation එක කවදාවත් නැති කරගන්න එපා."

"තමන් අලුතින් ව්‍යාපාරයක් හෝ රැකියාවක් හෝ පටන් ගන්න කලින් මං මේක කරන්නද කියලා ඒ වගේම මං මොකක්ද කරන්නේ කියලා කාගෙන්වත් අහන්න එපා. අනිත් අය කියන දේ නෙවෙයි තමන් කැමති දේ කරන්න. තමන් තමන්ගේ තීරණය ගන්න. ඒ වගේම තමා තමන්ට මොකක් හරි කරන්න ඕන නම් මුලින්ම ඒක පටන් ගන්න මේ ලෝකෙ perfect plan කියලා දෙයක් නෑ. ඕනම plan එකක් change වෙනවා ඒ නිසා plan කර කර කාලය නාස්ති නොකර මුලින්ම පටන් ගන්න. ඒවගේම තමන්ට ඒ පිළිබඳව දැනුමක් නැත්නම් ඒ පිළිබඳව දන්න කෙනෙක්ගෙන් advice ගන්න. මොකද ව්‍යාපාරයක් කරගෙන යන විට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් එක්ක අනිත් අයගෙන් advice ගන්න පුළුවන් වුනාම තමන්ට fail වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. මිනිස්සු හිතන්නේ ව්‍යවසායකයින් කියන්නේ ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසාම තනි වෙලා ඉන්න පිරිසක් කියලා. ඒ නිසා අපි මේ field එකේම පිරිසක් ළං කරගෙන හිටියොත් අපිට අවශ්‍ය වෙලාවට සහය ලබා ගන්නත් පුලුවන් වෙනවා."

ලෝකයේ ඉතාමත්ම දියුණු රටක් වන එංගලන්තයට ශිෂ්‍යයෙක් විදිහට ගිහින් තමන් ගිය අරමුණ ඉතාමත් සාර්ථක ලෙස ඉටු කරගෙන එම රටේම ව්‍යාපාරයක් ආරම්භ කර එරට ජනතාවට රැකියා අවස්ථා දෙන්නට තරම් උත්සාහයෙන් සහ කැපවීමෙන් යුතුව කටයුතු කරමින් අද වන විට සාර්ථක ව්‍යාපාරිකයෙක් වන ඔහු පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වන අපටද ආඩම්බරයකි.

සැකසුම : දිල්රුක්ෂි කුමාරි
(Business Advisor Team)

Related Articles