කලින් ඉතා සාර්ථක ලෙස ව්‍යාපාර කළ ඔබගේ ව්‍යාපාර කටයුතු සියල්ල දැන් අඩාල වී තිබෙන්නට පුළුවන්.covid 19 ඔබව විනාශ කරා කියලා සිතෙන්නට පුළුවන්.
ඔබට පමණක් නොවේ ලෝකයේ බොහෝ දෙනෙකුට මේ දේම සිතෙනවා නිසැකයි.
සිදුවූ දේ ගැන හිත හිත තියෙන සල්ලි වියදම් කර කර සමාජ මාධ්‍ය වල නිකරුණේ කාලය නාස්ති කරන විට මේ ගෙවෙන විනාඩියේ මට ඩොලර් උපයගන්න පුළුවන් කියන එක ඔබට අමතක වෙලා තියෙන්න පුළුවන්.
ලොකු, කුඩා, තරුණ,මහලු ඔබ සියලු දෙනා උදේ ඉඳන් රෑ වන වනතුරු සමාජ මාධ්‍යවල නිසැකව සැරිසරනවා... එයින් යම් විනෝදයක් ඔබට ලැබෙනවා. ඔව්,ඒක ඇත්ත නමුත් ඔබට ඉදිරියේ විනෝදවීමට ඕනෙ නම් සල්ලිත් ඕනෙ නේද?විනෝදය, සතුට වගේම සල්ලිත් හොයන්න,අපිට පුලුවන් අපි ආසම සමාජ මාධ්‍යක් වන fb එකෙන් වැඩක් ගන්න.
එහෙනම් අපි බලමු මොනවද මේ ඔබ නොදැකපු fb පිටුවේ තියෙන්නෙ කියලා...
ටිකක් උනන්දු වුණොත් ඉතා පහසුවෙන් කිසිම ආයෝජනයක් නැතුව ඩොලර් උපයන්න පුළුවන් ක්‍රම පහක් තමා මේ කියන්න යන්නේ අපි බලමු මොනවද මේ ක්‍රම කියලා...
1. E- Commerce Website(වාණිජ වෙබ් අඩවිය)
මේ වන විටත් මෙය ලංකාවේ මෙන්ම විදේශ රටවලත් ඉතා ජනප්‍රිය සංකල්පයක්. ඇත්තටම මෙයින් සිදු වෙන්නේ මේ website එක හරහා භාණ්ඩ හා සේවා විකිණීම.මෙයින් ඔබට ඉතා පහසුවෙන් ඔබේ භාණ්ඩ promote කරගන්න පුළුවන්. මේ වන විට fb එකේ catalog කියලා අලුත් option එකක් තියෙනවා ඔබට පුළුවන් ඔබේ භාණ්ඩ ඒ හරහා වර්ග කරන්න ඒ වගේම ඔබට පුළුවන් ඔබේ භාණ්ඩ විශාල පිරිසකට ප්‍රචලිත කරන්න. ඔබට අවශ්‍ය නම් ගෙවීමක් කරලා ඔබේ භාණ්ඩ සඳහා යම් boost එකක් ලබාගන්න පුළුවන් නමුත් එයින් ඩොලර් පිට යාමක් සිදුවන නිසා ඔබටම පුළුවන් ඔබේ product එක මිතුරන් අතර ප්‍රචලිත කරන්න. දැන් ඔබට හිතෙයි audience එක හදාගන්නෙ කොහොමද කියලා...
ඔබට මේ සඳහා යම් යම් උපක්‍රම භාවිතා කරන්න පුළුවන්
උදාහරණයක් ලෙස ඔබට පුළුවන් group වලට එකතු වෙන්න එය ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස දකින්න පුළුවන්. ඔබට ඇමරිකාව සම්බන්ධයෙන් product එකක් promote කරන්න ඕනෙ නම් ඒ සම්බන්ධ group එකකට එකතු වෙනවා... ඔබ එහි active සාමාජිකයෙකු වූ විට ඔබට පුළුවන් ඔබේ e-commerce website එකේ තොරතුරු share කරන්න එහිදී ඔබට හැකි වෙනවා පහසුවෙන් audience එක දිනා ගන්න.
ඔබ අලුත් විදිහට හිතන කෙනෙක් නම් ඔබට ලෝකය ඉල්ලන දේ online හරහා දෙන්න පුළුවන් නම් fb එක භාවිතා කර ඔබට ඔබේ ඩොලර් සිහිනය ඉතා පහසුවෙන් සැබෑ කරගන්න පුළුවන්....
2. Facebook pages/groups.
මේ සංකල්පය ඉතා පහසු එකක් බව දැනටමත් බොහෝ දෙනෙක් දන්නවා. ඔබටත් යම් product එකක් තිබෙනවා නම් නැතිනම් එවැන්නකට අදහසක් තියෙනවා නම් fb page එකක් හරහා එය ඉතා පහසුවෙන් සාර්ථක කරගැනීමට පුළුවන්. ඔබට fb page එකක් නිර්මාණය කරලා ඔබේ product සම්බන්ධ තොරතුරු ඊට ඇතුළත් කරලා පුළුවන් තරම් එය මිතුරන් අතර ප්‍රචලිත කළහොත් ඔබට ඉතා පහසුවෙන් ඔබේ භාණ්ඩ promote කරගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස ඔබ දන්නවා ලංකාවේ වැඩිම likes ප්‍රමාණය තිබෙන fb page එකක් වන loku talks page එක ගැන.එහි නිර්මාතෘ නුවන් මහතා සමග අපගේ නාලිකාව සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. ඒ වගේම Bro fb page එක,මේවා අපේ රටේ තිබෙන ඉතා සාර්ථක fb page ලෙස උදාහරණයට ගන්න පුළුවන්. ඔබ දන්නවා ඔවුන් කොතරම් නම් අප අතර ප්‍රචලිත ද ඒ වගේම කෙතරම් ආදායමක් උපයනවා ද කියලා.
ඔබත් මේ පිළිබඳ අධ්‍යයනය කළහොත්,සාර්ථක fb page එකක් ආරම්භ කළහොත් ඔබටත් ඔවුන් වගේම ප්‍රචලිත වී ඉතා සාර්ථක ලෙස මුදල් උපයා ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.
ඊට අමතරව ඔබට පුළුවන් fb group එකක් නිර්මාණය කරන්න.ඔබ page එකක් හැදුවොත් ඔබට පමණයි පෝස්ට් දාන්න පුළුවන්, අනිත් අයට පුළුවන් like, comments වගේ ඒව දාන්න විතරයි ඉතින් ඔබට පුළුවන් group එකක් නිර්මාණය කරන්න එයින් ඔබේ ක්ෂේත්‍රයට අදාළ විශාල ප්‍රමාණයකගේ අත්දැකීම්,අදහස් ඔබට ලබාගන්න පුළුවන්. මෙය ඔබේ වාසියට හරවා ගත්තොත් එයින් ඔබට ඉතා විශාල මුදලක් උපයා ගන්න පුළුවන් වෙනවා.
උදාහරණයක් ලෙස ඔබ අපි හැම දෙනාම එකතු වී සිටින online entrepreneurs club එක,එහි විශාල වශයෙන් resources share කරනවා.ඒ වගේම එහි විශාල වශයෙන් marketing opportunities තිබෙනවා. මෙවැනි උදාහරණ ඉදිරිපත් කරන කොට ඔබටම පෙනෙනවා නේද සල්ලි හම්බ කරනවා නම් කොච්චර මාර්ග තියනවද කියලා.
ඉතින් ඔබටත් පුළුවන් නම් නිකරුණේ කාලය නාස්ති කරන්නෙ නැතුව fb එකේ page එකක් group එකක් නිර්මාණය කර ඔබේ නිර්මාණවලට තැනක් ලබාගෙන ආදායමක් ගන්න එවිට corona virus එක තවත් ගේමක් නෙවෙයි.
3.Instant Articles.
මේ ඔබට සරලව පැහැදිලි කළහොත් ඔබ දන්නවා අපේ රටේ විවිධ website වල නළු නිළියන් සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළ කරනවා ඇත්තටම ඒවා gossip උනත් අපි කියවනවා නේද? අපේ attention එක ගන්න පුලුවන් photo එකක් title එකක් දැක්කොත් අපි ඒක බලනවා. ඉතින් ඔවුන් ඒ කරන්නෙ article එකක් කරල මේක fb එකේ share කරන එක ඉතින් එයින් ඔවුන් විශාල ආදායමක් උපයනවා.
උදාහරණයක් ලෙස- fb instant article හරහා විදේශ විනිමය උපයන මදුෂ්ක දිසානායක මහතා සමඟ මේ පිළිබඳව කළ සාකච්ඡාවක දී ඔහු අපට පවසන්නේ
"instant article ඇත්තටම instant"
ඔහු එයින් පවසා තිබෙන්නේ එය ඉතා වේගවත් බවත්,එයින් විශාල ආදායමක් උපයාගත හැකි බවත්, හැකි සෑම දෙනාම එයට යොමු විය යුතු බවත්ය.
ඔබට පුළුවන් පොඩි කාලයක් කැප කරලා ඔබේ page එකක් හරි group එකක් හරි නිර්මාණය කරලා ඔබේ website එකේ තියෙන content එක, විශේෂයෙන්ම වැඩි මුදලක් ලබාගන්න පුලුවන් විදේශ රටක audience එකකට පෙන්වන්න පුළුවන් නම් ඔබටත් advertising වලින් විශාල ආදායමක් උපයන්න පුළුවන්.
4.Facebook video Ads.
මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට.එසේ පැවසීමට හේතුව තමා අවාසනාවකට ශ්‍රී ලංකාවේ ඉන්න අපිට තාම මෙම පහසුකම ලැබිලා නැහැ.
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් අද YouTube channels ආරම්භ කරලා තියෙනවා ඉතින් ඔවුන්ට පුළුවන් දැඩි ආයාසයක් දරන්නැතුව YouTube එකට සමගාමිව වගේ ක්‍රියා කරන මේ facebook video ads වලින් youtube වලින් වගේම විශාල ආදායමක් උපයාගන්න.
මෙය ආරම්භ කිරීමට යම් යම් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය වුණත් ඉතාම පහසුවෙන් ආදායම් ලබා ගැනීමට කදිම නිදසුනක් ලෙස මෙය දක්වන්න පුළුවන්.
5.Video live streaming.
විශේෂයෙන් game play කරන අය මෙය ඉතා හොඳින් දන්න දෙයක් වෙන්න පුළුවන්.දන්නවා උනත් මෙයින් ප්‍රයෝජනයක් ගන්නෙ නැති වෙන්නත් පුළුවන්.එහිදී ඇත්තටම සිද්ධ වෙන්නේ fb එකේ යමක් live stream කරන එක.මෙයින් ද ඉතාම පහසුවෙන් අපට fb එක use කරලා ආදායමක් ලබාගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස- Mr Bro ගේ video streaming ගැන ඔබ නොදන්නවා වෙන්න බැහැ. ඔබ game play කරනවා නම්, සමහරවිට දවසේ වැඩි කාලයක් MR bro ගෙ live stream බලනවා වෙන්නත් පුළුවන් ඔබ දන්නව ඇතිනෙ ඔහු කොපමණ විශාල ආදායමක් උපයනවා ද කියලා ඔබටත් එවැනි දෙයක් ආරම්භ කරන්න පුළුවන්. gaming වලින් විතරක් නෙමෙයි ඔබ කැමති side එකකින් වුනත් ඒ වගේ එකක් ආරම්භ කර ඩොලර් ඉපයීමේ හැකියාව තිබෙනවා...
අද අපි මේ කතා කළේ ඔබ මෙතෙක් නොදැකපු එසේ නැත්නම් ඔබ දැකලා ඔබ ප්‍රයෝජන නොගත් මුහුණු පොතේ තිබෙන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ඩොලර් හොයන්න පුළුවන් ක්‍රම 5 ක් ගැනයි... දැනටමත්, ශ්‍රී ලංකාවේ සිටින මෙන්ම විදේශ රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් මෙම ක්‍රම වලින් ආදායම් උපයමින් ඉන්නවා.නිකරුණේ නාස්ති කරන කාලයෙන් පොඩි කාලයක් කැප කර ඉහත සඳහන් ක්‍රම පහෙන් එකක් හෝ සිදු කළ හැකිනම් එය ඔබගේ ජයග්‍රහණයට හේතු වේ.