මේ වෙනකොට Covid-19 එහෙමත් නැත්නම් Corona වසංගතය නිසා ලංකාවේ වගේම ලොකයේම ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා. ඔබ කුඩාවට ව්‍යාපාරයක් කළා නම්, අද මේ වනවිටත් ඔබ දුෂ්කරතා රාශියකට මුහුණ දෙනවා ඇති. ඒ අතරින් ඔබ කුඩා ව්‍යාපාරිකයෙක් ලෙස ඔබේ භාණ්ඩ හා සේවා ඔබ ප්‍රදේශය සපයන්නෙකු නම් ඔබේ භාණ්ඩ විකුණාගැනීමට අප කියාදෙන මේ ක්‍රමය වැදගත් වෙයි.
අද වනකොට Online Ordering එක කියන සංකල්පයට බොහෝ දෙනා ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන නිසා නිවසින් බැහැරව යාමේ අවදානමකුත් තියෙනවා. නමුත් ඔබට Online Order ගන්න පුළුවන් නම්, හොඳ Delivery ක්‍රමයක් තියෙනවා නම් පහත ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්.
ඔබ දැනටමත් දන්නවා ඇති WhatsApp ගැන. නමුත් WhatsApp Business ගැන ඔබ දන්නවද? මේ App එක මේ දිනවලදි ඔබට හොදටම ගැලපෙනවා. අනික මේක නොමිලේ තියෙන App එකක් විදියට මේකේ තියෙන ලක්ෂණ උපයෝගි කරගෙන ඔබට හොඳ Online Market එකක් හදාගන්න පුළුවන්.
කොහොමද මේක කරන්නේ?
1. ඔබ Play Store හෝ App Store එකට ගිහින් WhatsApp Business App එක Download කරගන්න.
2. ඔබේ Number එක Save කරනකොට ව්‍යාපාරයට අදාල Number එක Save කරන්න.
3. මේ Settings වලට ගියාම ඔබට පේන්න තියෙනවා Business Profile වගේ දේවල් Add කරන්න පුළුවන්. ඉතින් මේකට ඔබේ ව්‍යාපාරය ගැන විස්තර දාන්න.
4. ඒ වගේම ඔබට Greeting Message එකක් දාන්න පුළුවන්. මේකෙදි ඔබේ WhatsApp Business number එකට WhatsApp මගින් Text එකක් දැමු විට Reply එකක් යනවා. මේකට ඔබට "Welcome to Nimal Stores" වගේ දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් "නිමල් වෙළෙඳසැලට සාදරයෙන් පිලිගනිමු" වගේ දෙයක් දාන්නත් පුළුවන්.
5. මේකේ වැදගත්ම දේ තමා Catalog කියන එක. ඔබට පේනවා ඇති මේ Catalog එක යටතේ ඔබ විකුණන භාණ්ඩ වල Photo දාන්න පුළුවන්. ඒ වගේම මේ ගැන විස්තරයක්, මිල පවා දාන්න පුළුවන්. මෙහෙම Product 500 ගැන විස්තරය ඔබට මෙයට ඇතුලත් කරන්න පුළුවන්. මේක හරහා ඔබ අලෙවි කරන භාණ්ඩ ගැන හොඳ ප්‍රචාරණයක් දෙන්නත් පුළුවන්.
ඉතින් මේකේ තව Options ගණනාවක් තියෙනවා. නමුත් මම හිතනවා ඔබට මා පැහැදිලි කළ මූලික දේවල් ටික කළොත් සාර්ථකව Order එකක් ගන්න පුළුවන්. අද ඖෂධ වැනි දෑ බෙදාහරින්නේ WhatsApp යොදාගෙන. ඔබේ ව්‍යාපාරයේ භාණ්ඩ බෙදන හරින්නත් WhatsApp Business යොදාගන්න පුළුවන්. මේකෙන් ඔබට පාරිභෝගිකයාට අලුත්ම අතදැකීමක් දෙන්න පුළුවන්.
ඔබේ පාරිභෝගිකයන්ට Catalog එක Select කරලා එවන්නත් පුළුවන් හැකියාවත් මේකේ තියෙනවා. ඉතින් මේ ක්‍රමය අත්හදා බලන්න ආරාධනා කරනවා...
සැකසුම: විරාජ් හේනේගෙදර
(B.B Mgt(HRM) Sp,ACA,CTA,MAAT)