ඕනෑම රටක්, ලෝක ගෝලයේ නියමිත අක්ෂ අතර පිහිටයි. එම පිහිටීම අනුව භූමිගත විශේෂ ලක්ෂණ, එම රටේ උපදින්නන්ට ලැබේ. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ උපදින අයෙක් "ඇමරිකානුවෙක්" වන අතර, ඔහුට ඇමරිකානු ගති ලක්ෂණ පිහිටයි. ඉන්දියාවේ උපදින අයෙකුට ඉන්දියානු ගතිලක්ෂණ පිහිටයි. "ජපනෙකුට" ජපන් ගති ලක්ෂණද, "ශ්‍රී ලාංකිකයෙකුට" ශ්‍රි ලාංකීය ගති ලක්ෂණ ද පිහිටයි.
ඇමරිකානුවන්ගේ ගති ලක්ෂණය "අභිබවා යාමේ ලක්ෂණයයි." ඔවුන් ඒ ලක්ෂණය භාවිතා කර ලොව බලවතුන් වී සිටිති. ඉන්දියානුවන්ගේ භෞමික අනන්‍යතා ලක්ෂණය "භූමියට ආදරය කිරීමයි." ඔවුන් ඉන්දියානු දේ පාවිච්චියට ගැනීමට කැමතිය. එමනිසා ඉන්දියාවේ දේශීයත්වය යන සංකල්පයෙන් ඔද වැඩී සිටිති. ජපනුන්ගේ උපන් ගතිය "නිර්මාණශීලීත්වය හා කඩිසර කමයි." දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වූ ජපානය නැවත බලවත් වූයේ ඔවුන්ගේ උපන් ගතිය මතුකර ගැනීමෙනි.
ශ්‍රී ලාංකිකයන්ටත් ජාතික අනන්‍යතාවයක් ඇත. මෙතෙක් මේ මතය කිසිවෙකු ප්‍රසිද්ධියේ කලේ නැත. ශී ලාංකීය භෞමික අනන්‍යතාවය "විවේක නොගෙන එක දිගට වැඩ කිරීමේ හැකියාව" බව මම ප්‍රකාශ කරමි.
එදා පෙරදින ධාන්‍යාගාරය බිහිවූයේත්, මෑතකදී කොටි ත්‍රස්තවාදය පැරදවීමට හැකිවූයේත්, විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් විශ්ව කර්ම පුද්ගලයන් වූයෙත් මේ ගති ලක්ෂණ භාවිතා කිරීමෙනි.
එසේ නම් අප තවමත් ප්‍රමාද නැත. අපේ අනන්‍යතාවය පිළිගෙන විවේක නොගෙන වැඩකර රට ගොඩනඟමු. එවිට ලක්මව තරම් ආඩම්බර විය හැකි රටක් ලොවේ නොමැති වනු ඇත.අට්ටාල වලට නැග වැඩ වර්ජන කිරීම්, නිවාඩු වැඩිකරන ලෙස ඉල්ලීම්, වැඩකරන වේලාවේදීත් නිකරුණේ කාලය ගතකිරීම් නවතා අවුරුදු පහක් අපගේ භෞමික අනන්‍යතා ලක්ෂණය මතුකර විවේක නොගෙන වැඩකර රට ගොඩනඟමු.
ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය හැක්කේ නිවරැදි දැක්මක් ඇතිකර ගතහොත් පමණි. රාජ්‍ය නායකතුමන් ශ්‍රී ලාංකික අනන්‍යතා ලක්ෂණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම වහා කලයුතු කාර්යයකි. එය නිළ වශයෙන් ප්‍රකාශ කිරීම ප්‍රමාදවීම යනු රට ගොඩනැංවීම ප්‍රමාද වීමයි.
ජේ.එම්.යූ.බී.ජයසේකර මහතා විසින් රචිත "පළමු වැන්නා ඔබයි" ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපිය රචනා කලේ ලංකාවේ මේ වන විට COVID 19 වසංගතය නිසා උද්ගතවී ඇති තත්ත්වයට මුහුණදීමට මෙහි අන්තර්ගතය වඩා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි වීම නිසයි.
සැකසුම: විරාජ් හේනේගෙදර
(B.B Mgt(HRM) Sp,ACA,CTA,MAAT)