බුදු දහම අනුව ව්‍යාපාරිකයා පාරිභෝගික සිත ජය ගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් අප දන්නා කාරණයක් නම් ව්‍යාපාරිකයාගේ සාර්ථකත්වය තීරණය වන්නේ පාරිභෝගිකයා මතයි. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත් අනුව පාරිභෝගික සිත් ජය ගත හැකි බොහෝ කරුණු ඔබට මට ඉගෙන ගත හැක.

1. බුදු සිරිත් අනුව බොහෝ පාරිභෝගිකයන් ව්‍යාපාරයට ළඟාකර ගන්නේ කෙසේද?

මේ කරුණු ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ කතා උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ අතරින් එක් කතාවක් නම් පටාචාරා. පටාචාරා සියල්ල අහිමි වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට එන විට බුදුරජාණන් වහන්සේ එදා පටාචාරා පිළිගත්තේ බොහොම සුහදශීලී ප්‍රියමනාප මුහුණකින්. සිතන්න ඔබ ව්‍යාපාරිකයෙක් ඔබේ ව්‍යාපාරයට විවිධාකාරයේ පාරිභෝගිකයන් පැමිණෙනවා. ඉතින් ඒ පාරිභෝගිකයන්ට ව්‍යාපාරිකයා වන ඔබ දක්වන සංග්‍රහය අනුවයි පාරිභෝගිකයා ඔබේ වෙළඳ ස්ථානය තුළ රැඳී සිටිනවාද? නැද්ද? යන්න තීරණය වන්නේ එසේත් නැතිනම් පාරිභෝගිකයා ඔබගෙන් දෙයක් ලබා ගන්නවා ද? නැද්ද? යන්න තීරණය වන්නේ
කිසාගෝතමිය ගැන කතා කරොත් එදා කිසාගෝතමි තම මියගිය බිලින්දා රැගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන විට කිසාගෝතමියගේ ප්‍රශ්නයට පිළිතුරක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. බුදුරජාණන් වහන්සේ එදා කිසාගෝතමියට ඇයගේ බිලින්දා මිය ගියා යැයි පැවසුවා නම් කිසාගෝතමිය කිසිවිටෙක එය පිළිගන්නේ නැහැ. එදා කිසාගෝතමියට ලබා දුන්නේ තර්කානුකූල පිළිතුරක්. පාරිභෝගිකයෙක් ඔබේ ව්‍යාපාරයට පැමිණෙන්න පුළුවන් යම් නිෂ්පාදනයක් ලබා ගැනීමට ඇතැම් විට එම නිෂ්පාදනය හෝ එම භාණ්ඩය ඔබේ වෙළඳපොලේ නොමැති වෙන්න පුළුවන් ඔබ එය නොමැති බව පාරිභෝගිකයාට කිව්වොත් පාරිභෝගිකයා නැවත හැරී යයි. නමුත් එය නෙමෙයි වටින්නේ ඔබ ළඟ නොමැති භාණ්ඩයට ඔබ විකල්පයක් ලබා දුන්නොත්, පාරිභෝගිකයා තවත් දවසක ඔබේ ව්‍යාපාරයට පැමිණෙයි.

2.බුදුරජුන්ගෙන් ධර්මය අනුව පාරිභෝගියාට ව්‍යාපාරිකයා වන ඔබ සංග්‍රහ කළ යුතු ආකාරය

ව්‍යාපාරික පැවැත්ම පවතින්නේ පාරිභෝගිකයා මතයි. එක පාරක් ව්‍යාපාරයට පාරිභෝගිකයකු පැමිණි විට ඔබ දක්වන ප්‍රතිචාරය මත තවත් වතාවක් පාරිභෝගිකයා පැමිණීම තීරණය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා සතර බ්‍රහ්ම විවරණ . සතර බ්‍රහ්ම විවරණ අනුව ඔබ ඔබේ පාරිභෝගිකයාට සංග්‍රහ කළ හොත් තවත් දිනක එම පාරිභෝගිකයා පැමිණීම නොවනුමානයි.මේ සතර බ්‍රහ්ම විහරණ ගැන සදහනක් කළහොත් මෙත්තා ,මුදිතා කරුණා, උපේක්ෂා ඔබ ඔබේ පාරිභෝගිකයාට මෛත්‍රිය දක්වන්න ඕනේ ,ඊර්ෂ්යා නොකරන්න ඕනේ ,කාරුණිකව  ප්‍රිය මනාපව කතා කරන්න ඕනේ.

ව්‍යාපාරයක ලාභය රඳා වතින  ප්‍රබල සාධකයක් ලෙස පාරිභෝගිකයා ගත හැකියි. ඉතින් මේ පාරිභෝගිකයාට දක්වන සුහදශීලී ත්වය පාරිභෝගිකයාට ලබා දෙන වටිනාකම මත ඔබේ ව්‍යාපාරයේ දියුණුව රඳා පවතී.

මාවතුරේ චන්දිම ස්වාමින් වහන්සේ Business Advisor Youtube නාලිකාවත් සමග  සිදුකල සාකච්ඡාවට  ඇසුරෙන්

https://youtu.be/1SJL88-FIbs

Related Articles