පොඩි වුණත් ලාභය වැඩි Mini Supermarket

පාරිභෝගිකයාට අවස්ථාව ලබාදීම කොච්චර අපේ ව්‍යාපාරය සාර්ථකත්වයට බලපානවා ද?ඇත්තටම එයින් අපිට වාසි අවාසි? අවාසිද?
ඔබ අපි හැමෝම කැමතියි නේද supermarket එකකින් අපට අවශ්‍ය දේ ගන්න ඒ ඇයි කියලා අපි දන්නවා මොකද අපිට පුලුවන් අපි කැමති දේ තෝරා ගන්න.

සිතන්න ඔබේ ගම් ප්‍රදේශයේත් ඔබට එවැනි පහසුකමක් තිබුණ නම් ඔබ කොච්චර කැමතිද කියලා... නමුත් බොහෝ ගම් ප්‍රදේශ වල එවැනි අවස්ථා ගොඩක් අඩුයි.
ඔබට ඔබේ ගම් ප්‍රදේශයේ සිටින ජනතාවට එවැනි පහසුකමක් ලබා දෙන්න පුළුවන් නම් ඔවුන් එයට කැමති වන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය දේ තෝරා ගැනීමට කැමති නිසා ඔබගේ mini super market එකට විශාල ඉල්ලුමක් ලබාගන්න පුළුවන්.

ඔබත් කැමතිද ඔබේ ගම් ප්‍රදේශයේ ජනතාවට එවැනි අවස්ථාවක් ලබා දෙන්න?

දැන් අපි බලමු ඉතා සාර්ථක ව්‍යාපාර වස්ථාවක් වන mini super market එකක් ආරම්භ කිරීමේ වාසි.

1.පොඩි ඉඩකඩක් ප්‍රමාණවත් වීම.
2.කුඩා ආයෝජනයක් ප්‍රමාණවත් වීම.
3.පාලනය කිරීම තරමක් පහසු වීම.
4.නිතිපතා යම් මුදලක් (cash flow)එකක් ලබාගත හැකිවීම.

ඔබ mini super market එකක් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා නම්, ඒ සඳහා ඔබ දැනගත යුතුම කරුණු 5ක් ගැන අපි දැන් සලකා බලමු.


1).Market Research එකක් කිරීම.

අපි ඕනෑම දෙයක් කරන්න කලින් ඒ පිළිබඳව කුඩාවට හෝ හොයා බලනවා නේද?මොකද අපි දන්නවා අපි සොයා බලන කරුණු අපේ ක්‍රියාව ආරම්භ කරාට පස්සේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් වනවා කියලා...අන්න ඒ වගේ
ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර
market research එකක් කිරීම ඉතාම අවශ්‍ය සාධකයක් ලෙස සලකන්න පුළුවන්... ඉතින් ඔබත් මහා පරිමාණයෙන් නොවුනත් කුඩාවට හෝ මෙය කිරීම ඔබේ ව්‍යාපාරයට විශාල ප්‍රයෝජනයක් වනවා.

ඔබේ පහසුවට උදාහරණ කිහිපයකින් ඔබට මෙය පැහැදිලි කරන්නම්.

* ඔබේ ගම තිබෙන්නේ supermarket එකකකට ආසන්නව නම් ඔබ ආරම්භ කරන mini supermarket එකෙන් ප්‍රයෝජනයක් නැතුව යනවා, මොකද ප්‍රධාන supermarket එකක් තියෙද්දී අපිත් mini supermarket එක්ක ආරම්භ කළොත් අපට ලැබෙන ලාභය අපිට ලබා ගන්න බැරුව යනවා...

* ඔබේ ගම් ප්‍රදේශය කොතරම් වෙළඳසැලවල් තිබෙනවාද? එම වෙළඳසැලවල ඉල්ලුම කොපමනද? පිළිබඳ වත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.

* ඔබේ ගම් ප්‍රදේශයේ සිටින ජනතාව mini supermarket යන සංකල්පය පිළිබඳ දරණ අදහස ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා .මොකද අපි ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව අපේ ඉලක්ක පාරිභෝගිකයන් තුළ තිබෙන අදහස් දැන ගැනීම විශාල ප්‍රයෝජනයක් වන නිසා..


මෙම market research කියන සංකල්පයේ දී ඔබේ ගම් ප්‍රදේශයේ සිටින තරුණ ජනතාව පිළිබඳව එමෙන්ම විශේෂයෙන් තරගකරුවන් පිළිබඳව එනම් ඔවුන්ටත් ඔබ වැනිම අදහසක් තිබේ ද? තිබේ නම් ඔවුන් ගන්න ක්‍රියාමාර්ග මොනවාද? පිළිබඳව ඔබ ඉතාම සැලකිලිමත් විය යුතුයි.

ඕනෑම ව්‍යාපාරයක් ඉතා සාර්ථකව කරගෙන යාමට ඉතා වැදගත් පියවරක් ලෙස මෙය සලකන්න පුළුවන්.


2). සුදුසු ස්ථානයක් තෝරා ගැනීම.(Best Location )

ඔබ කොතරම් හොඳට ප්‍රචාරණයේ යෙදුණත්, ඉතාම ආකර්ෂණීය ලෙස ඔබගේ mini super market එක සකස් කරත් ඔබ තෝරා ගන්නා ස්ථානය අනුව ඔබගේ විකුණුම් විශාල වශයෙන් වෙනස් වීමට පුළුවන්.


උදාහරණයක් ලෙස ඔබ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඔබේ ගනුදෙනුකරුවන්ට පැමිණීමට අපහසු ස්ථානයක නම්, එනම් ඔබ එය ආරම්භ කළේ ඔබේ ගම් ප්‍රදේශයේ කෙළවර නම් එය අසාර්ථක තීරණයක් වෙන්න පුළුවන්.
නමුත්, ඔබ තෝරා ගන්නේ හතරමං හන්දියක් නම්, ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ස්ථානයක් නම්,විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නිතරම එක්රොක් වන ස්ථානයක් නම් එය ඉතා සාර්ථක තීරණයක් ලෙස සලකන්න පුළුවන්.

ඔබගේ ව්‍යාපාරය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කිරීමට එමෙන්ම විකුණුම් වැඩිකරගැනීමට මෙය ඉතා වැදගත් සාධකයක් ලෙස සලකන්න පුළුවන්.

මෙම දෙවන පියවරේදී ඔබ සලකා බැලිය යුතු තවත් ප්‍රධාන කාරණයක් වන්නේ ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුද?නැද්ද? යන්නයි. මෙහිදී ඔබ ආරම්භ කරන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් එය ලියා පදිංචි කිරීම අත්‍යවශ්‍ය නැත. නමුත් ඔබට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කර ගන්න පුළුවන්.

ඔබට අනිවාර්ය සාධකයක් ලෙස අවශ්‍ය වන්නේ වෙළෙඳ බලපත්‍රයක් ලබා ගැනීම විතරයි .එය ඔබට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් සභාවෙන් නගර සභාවෙන් ලබාගන්න පුළුවන්.


3).අවශ්‍ය භාණ්ඩ තීරණය කිරීම.

ඔබට ඔබේ ව්‍යාපාරයේ විකුණුම් වැඩි කර ගැගැනීමට අවශ්‍ය නම් පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට සිදුවනවා.එසේ ආකර්ෂණය කරගන්න නම් ඔබ ඔවුන්ට ආකර්ෂණීය පරිසරයක් සකස් කරන්න ඕන .

සුපර් මාර්කට් එකකට ප්‍රධාන වශයෙන් රාක්ක(racks), භාණ්ඩ එහා මෙහා ගෙන යාමට අවශ්‍ය ආධාරක,ඒ වගේම cashier point එකක් අවශ්‍ය වෙනවා...

මෙහිදී ඉතා වැදගත් කාරණය වන්නේ ඔබ සකස් කරන දේවල් පාරිභෝගිකයාට කොච්චර පහසුද ,ආකර්ෂණීය කියන එක.

උදාහරණ ලෙස ඔබට පුළුවන් cashier point එක සදහා නවීන තාක්ෂණය යොදාගත් සිස්ටම් එකක් භාවිතා කරන්න. එය ඉතා පහසුයි මෙන්ම වේගවත් එහිදී ඔබට පුළුවන් ඔබ භාණ්ඩ ගෙනෙන විට අදාල භාණ්ඩයේ මිලත් සමගම ප්‍රමාණය ප්ඇතුලත් කරන්න ඒ වගේම විකුණන විට ඔබේ තොගය නිකම්ම අඩු වී යන ආකාරයට සකස් කර ගන්න.

ඔබ ඒ වගේ නවීන තාක්ෂණයක් යොදා ගත්තොත් එය ඔබ සඳහා පැමිණෙන පාරිභෝගිකයාට පහසු වෙනවා වගේම ඔබටත් ඔබගේ තොග ප්‍රමාණය, විකුණුම් ප්‍රමාණය ඉතා පහසුවෙන් ඒ වගේම ක්‍රමානුකූලව ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මෙම සංකල්පයේ දී පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය සාධක සලකා බලනවා වගේම ඔබගේ වියදම පිලිබඳවත් ඉතාම සැලකිලිමත් වීම වැදගත් වෙනවා.
පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය සාධක සලකා බලනවා වගේම ඔබගේ වියදම පිළිබඳවත් සැලකිලිමත් වෙමින් ඉතාම ක්‍රමානුකූලව මෙය පවත්වාගෙන ගියොත් එය ඉතා ලාභදායී ව්‍යාපාරයක් කරගන්න පුළුවන් .


4).භාණ්ඩ ඇසුරුම් කිරීම.

mini supermarket එකක් ආරම්භ කිරීමේදී වැදගත් ම කාරණය විදිහට මෙය සලකන්න පුළුවන්.
අපට අවශ්‍ය නැති භාණ්ඩයක් වුණත් ඉතා ආකර්ෂණීය විදිහට සිත ඇදගන්නා විදිහට සකස් කර තිබුනොත් අපි එය මිලදී ගැනීමට පෙළඹෙනවා නේද?
ඉතින්,පාරිභෝගිකයන් වැඩි ප්‍රමාණයක් අද්දවා ගැනීමට අවශ්‍ය නම් ඔබ භාණ්ඩ ඇසුරුම් කර ඇති ආකාරය ඉතාම වැදගත් සාධකයක් වෙනවා.

*උදාහරණයක් ලෙස ඔබ දැකලා තිබෙනවා supermarket වල cashier point එක ළඟ විවිධ ආකර්ෂණීය ආහාර වර්ග තැන්පත් කරලා තිබෙනවා.
උදාහරණ වශයෙන් ටොෆි,චොක්ලට්,කඩල

එවිට අපට එය ගැනීමට අවශ්‍ය නොවුනත් අප එය ගැනීමට පෙළඹෙනවා. මෙහිදී එම භාණ්ඩ ත්‍රිකෝණාකාරව ඇසුරුම් කිරීම ඉතාම වැදගත් එවිට පාරිභෝගිකයාගේ පෙළඹීම වැඩි වෙනවා.

ඒ වගේම ඔබට පුළුවන් එදිනෙදා අවශ්‍ය වන දේවල් පහල රාක්කවලත් එදිනෙදා අවශ්‍ය නොවන භාණ්ඩ ඉහළ රාක්ක වල අසුරා තබන්න
මෙලෙස ඔබේ භාණ්ඩ පිලිවෙලට ආකර්ෂණීය ලෙස සකස් කිරීම ඔබගේ විකුණුම් වැඩි කර ගැනීමට ඉතාම ප්‍රබල ලෙස බලපානවා.


5).බැංකු ගිණුමක් විවෘත කිරීම.

ඔබ ආරම්භ කරන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් වුවත් බැංකු ගිණුමක් තිබීම ඉතාම වැදගත් සාධකයක් වනවා.
එවිට ලැබෙන ආදායම් බැංකු ගත කිරීමටත් අවශ්‍ය තොග ලබා ගැනීමට එම මුදල් යෙදවීමත් කරන්න පුළුවන්. නැතිනම් ඔබට තොග මිලට ගැනීමට වෙනම මුදලක් හෝ ණයක් ගැනීමට සිදුවෙනවා.නමුත් මෙම mini super marmarket යන සංකල්පයෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය යම් කාලයක් යනතෙක් අඩු නිසා එය එතරම් සුදුසු ක්‍රියාමාර්ගයක් නොවීමට පුළුවන්...

ඔබ දන්නවා අපගේ ආදායම් වියදම් කළමනාකරණය කිරීම අපගේ දියුණුවට කොච්චර වැදගත් වෙනවද කියලා. ඒ වගේම ඔබගේ ව්‍යාපාර ආදායම් වියදම් කළමනාකරණය කිරීම ඉතාම වැදගත්.
මාසයක් අවසානයේ ඔබගේ ආදායම් වියදම් සලකා බලා ඔබගේ සාර්ථකත්වය තීරණය කිරීමට පුළුවන්,
ඔබ මේ ව්‍යාපාරය දිගටම කරගෙන යනවාද නැතිනම් එතනින් නවත්වනවාද යන්න ඔබට තීරණය කරන්න පුළුවන්.එම නිසා ගිණුම් තැබීම ඉතාම වැදගත් කාරණයක් ලෙස සලකන්න පුළුවන්.

අප සඳහන් කළ මෙම mini super market එක සඳහා අවශ්‍ය කරන සාධක එහෙම නැත්නම් පියවර ඒ වගේම mini supermarket වල තියෙන වාසි සලකා බලලා ඔබටත් මෙවැනි min supermarket එකක් ආරම්භ පුළුවන්නම් ප්‍රධාන වශයෙන් භාණ්ඩ තේරීමේ හැකියාව තිබෙන නිසා කාලයත් සමග ඉල්ලුම සීග්‍රයෙන් වැඩිවෙලා විශාල ලාභයක් ලබාගත හැකි ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

Related Articles